Advertisement

ප්‍රබල මන්ත්‍රිවරයකුගේ රැකවරණය මත බාල ඖෂධ රජයේ රෝහල්වෙත - 
නිෂ්පාදනය කිරීමට නාකොටික් අමුද්‍රව්‍ය 

දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නියමිත ක්‍රියාපටිපාටියට පටහැනිව තම කර්මාන්තශාලා තුළ ඖෂධ නිෂ්පාදනය කර ප්‍රමිතියකින් තොර ඖෂධ රජයේ රෝහල් වෙත නිකුත් කිරීමට සූදානම් වන බව ‘අර්බන් සිටිසන්’ සංවිධානය පවසයි.

අදාළ පෞද්ගලික සමාගම වෙත විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයකුගේ රැකවරණය ලැබෙන බවත් එම දේශපාලන සහාය මත ඖෂධ නිෂ්පාදනය සඳහා රජයේ අනුමැතිය ලබාගෙන ගෙන ඇති බවත් එම සංවිධානයේ සභාපති ශර්මිලා ගෝනවල චෝදනා කළාය.

ඇය මේ බව පැවසූයේ ඊයේ (21 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ධනුෂ්ක ගැන නායක දසුන් ශානක ලංකාවට ඇවිත් කියපුදේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිදු වූ දේ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.
ශ‍්‍රී ලංකාව ගැන IMF වෙතින් දුක හිතෙන කතාවක් 

ශ්‍රී ලංකාව බරපතළ ආහාර අර්බුදයක ගිලී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ද කුසගින්නේ පෙළෙන රටවල් අතරට ඇතුළත් කරමින් ලෝක ආහාර වැඩසටහන නිකුත් කර වාර්තාවක්ද උපුටා දක්වමින් එම අරමුදල මේ බව පවසයි.

ජෝර්ජියාවේ ජෙනිෆර් ලෝපෙස් දෙවෙනි වරටත් විවාහ වෙයි

ලෝකයේ ධනවත්ම හොලිවුඩ් කලා ශිල්පිනියක වන 49 හැවිරිදි Jennifer Lopez සහ Ben Affleck ගේ විවාහ උත්සවය අගෝස්තු 20 වෙනිදා ජෝර්ජියාවේ දී පැවැත්විණි

20 වෙනිදා, ඔවුන් දෙදෙනා ජෝර්ජියාවේ ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් ඉදිරියේ අති උත්කර්ෂවත් උත්සවයකදී දෙවන වරටත් විවාහ විය. ඇෆ්ලෙක් සහ ලෝපෙස් දෙදෙනාම ඔවුන්ගේ අමුත්තන් සහ විවාහ මංගල්‍යය මෙන් සුදු ඇඳ සිටියහ.ඔවුන්ගේ දරුවන් - නළුවා සහ හිටපු බිරිඳ ජෙනිෆර් ගාර්නර්ගේ දරුවන් තිදෙනා වන වයලට්, 16, සෙරෆිනා, 13, සහ සැමුවෙල්, 10, සහ ජේ.ලෝ සහ හිටපු සැමියා වන මාර්ක් ඇන්තනිගේ නිවුන් දරුවන් වන මැක්ස් සහ එමී, 14, සියලු දෙනා උත්සවයට සහභාගී වූහ. එය විනාඩි 20ක කාලයක් පැවති අතර ජීවිත පුහුණුකරු ජේ ෂෙට්ටි විසින් මෙහෙයවන ලද බව ඇසින් දුටු සාක්ෂිකරුවෙක් විදේශීය පුවත්  සේවයක් සදහා පවසා ඇත.
ජැක්සන්ව බලන්න මහින්ද ජාතික රෝහලට ඇවිත්

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා මේ වන විට රෝහල්ගත ව ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (11) දිනයේ කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

එහිදී රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ පවුලේ අය සමඟ දීර්ඝ වෙලාවක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජැක්සන් ඇන්තනී මහතාව සුව කර ගැනීම සඳහා හැකි සෑම උපකාරයක්ම ඉටු කිරීමට තමන් සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවුලේ සාමාජිකයන් හට අවධාරණය කර තිබෙනවා.
නේටෝව රුසියාවට බියවෙලා 
අපි තනිවුනා - යුකේ‍්‍රන ජනපති 
රුසියාවෙන් කොළ එළියක් 

රුසියාවෙන් එල්ල වන ප්‍රහාරයට තමනට තනිවම මුහුණ දීමට සිදු වූ බවට යුකේ‍්‍රන ජනාධිපති ව්ලැදිමීර් සොලොන්ස්කි චෝදනා කරයි.

ජනාධිපතිවරයා කියා සිටින්නේ මෙම තත්වය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා කිරීමට තමන් බිය නොවන නමුත් එසේ කිරීමට ආරක්ෂාව පිලිබද සහතිකයක් අවශ්‍ය බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුක්රේනයේ ඉරණම අවදානමට ලක්ව ඇති බව පැවසීමට තමන් යුරෝපා හා නේටෝ මිතුරන් වෙත ළඟා වුවද ඔවුන් කිසිවකු කෙලින්ම ‍රතිචාරයක් නොදැක්වූ බවත් සියල්ලම ප්‍රතිචාර දැක්වූයේ බියපත්ව බවත්ය.

තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වන සෙන්තිල් තොන්ඩමන්ගේ උපන්දිනය තමිල්නාඩුවේ බොහෝ ගම්මානවල පෙරේදා දිනයේ සමරනු ලැබීය.

සෙන්තිල් තොන්ඩමන්ගේ උපන්දිනය තමිල්නාඩුවේ පුදුකෝට්ටෙයි සිවගංගායි දින්ඩිගුල් මදුරෙයි තන්ජාවූර් ත්‍රිචි සේලම් නාමක්කල් තේනි පෙරම්බලූර් ඇතුළු දිස්ත්‍රික්ක 10 ක ගම්මාන 100 කට අධික සංඛ්‍යාවකදී සමරනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements