Featured News

Video Gossip

Advertisement

Litro  සභාපති ආරක්‍ෂකයන් පහක් සමග ලක්‍ෂ 35ක පඩික්


ආසන්න කාලයේ දී ඇති වූ ගෑස් හිගයට සහ ගෑස් පිපිරීම් වලට Litro Gas සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වගකිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් විසින් පසුගියදා (22) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චෝදනා එල්ල කර තිබේ.

එබැවින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Litro Gas සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 35ක පමණ මාසික වැටුපක් ලබන බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වසරක් තිස්සේ ලබන වැටුපට සමාන බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වාදී තිබේ.

එමෙන්ම සභාපතිවරයා ආරක්ෂකයන් පස් දෙනෙකු ලබාගෙන ඇති බවද හෙතෙම සඳහන් කර ඇත.

Litro Gas සමාගම ගෑස් මිල දී ගැනීමේ දී රුපියල් කෝටි 100ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත් අඩු මිලට ගෑස් මිලට ගැනීමට හැකි බ වටත් තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයට පත්වූ දින පැවති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බවත් එසේ චෝදනා කළ සභාපතිවරයා දැන් ගෑස් මිලට ගන්නේ පෙරට වඩා වැඩි මිලට බවත් ඔහු පෙන්වා දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements