රෝසි එදා ආවේ නැත්තම් මන් තමයි රූ රැජින වෙන්නේ
රෝසි ගියෙත් මගේ සල්ලිවලින් -පුෂ්පිකා
පසුගියදා පැවති Mrs. World 2022 තරඟාවලියේදී මෙරටින් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සිව්වන ස්ථානය ලබා ගත හැකිවූ බව සදහන් කරමින් සිය සමාජ ජාල ගිණුමේ සදහන් කරමින් පැවසුවා.
පසුව විවිධ Mrs. World ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය කදපපැබඑ එකක් මගින් තැබූ සටහනක් නිසා එය බොරුවක් බවට සනාත වූව.
පසුව එලෙස පවසන ලෙස පවසා තිබුනේ රෝසි සේනානායක මහත්මිය බව ලීක් වූ හඩ පටයක් සමග සමාජ ජාලාවල පැතිරුනා. එලෙස පසුගිය සති කිහිපයේ පුෂ්පිකා ලංකාවේ ගොසිප් මවන චරිතයක් වුනා.
කතාව එසේ තිබියදී පසිගියදා පුෂ්පිකා යු ටියුබ් වැඩසටහනකදී මේ විදිහට අදහස් පල කරා. ඒක රෙකෝඩ් කරේ ඇය මැනේජර්ගෙ ෆෝන් එකෙන්ලු.
ඒ වගේ මේ ෆෝන් එක ඒ වෙලාවේ නැති වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාව හිතාගන්නවත් බැරිවුනාලු ෆෝන් එකට මොකද ඇත්තටම වෙලා තියෙන්නෙ කියලා.
පුෂ්පිකා සඳහන් කරනවා ඇගේ ළඟින්ම හිටපු කීප දෙනෙක් හොඳ මූණ පෙන්නලා මේ වගේ දෙයක් කරන්න ඇති කියලා.මේ තරම් ප්‍රශ්න ගැටලු දරාගන්න මන් මේ තරඟයට බොහොම අමාරුවෙන් මුහුණ දුන්නේ අන්තිම දවස් ටිකේ මම නිදාගත්ත නැහැ මම හොඳටම ඇඬුවා.
මට තිබ්බ පීඩනයත් එක්ක මම ඇඬුවා. අපේ කණ්ඩායම තුළ ප්‍රශ්න ඇති කරන්න හැදුවා ගවුම ආවෙ නෑ පරක්කු කරන්න කියලා විවිධ කුමන්ත්‍රණ ගියා.
මගේ ජීවිතයේ මම ගොඩක් ගරු කරපු කෙනෙක් රෝසි සේනානායක කියලා කියන්නේ. ඇය අවුරුදු තිස් පහකට කලින් තමයි මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කළේ. මාත් එක්ක යන්න එයාට ආරාධනා කරලා තිබුණෙ නැහැ. වියදම් දැරුවෙත් මම.
මම මගේ පුද්ගලික සල්ලි වලින් ලක්ෂ 12ක් දුන්නා. සියලුම ටිකට් වලට වියදම් කලේ මම.ගවුම් එන්න තිබ්බ දවසේ ෆ්ලයිට් එකට දාලා තිබුණෙ නැහැ එතනත් කුමන්ත්‍රණයක් වුණා මට. මට හොඳ මූණ ම පෙන්නලා තමයි ඒ හැම දෙයක්ම සිද්ධ කළේ.
චන්දිමාල් කිව්වා රෝසි මැඩම් එනවා කියලා. මම ඇහුවා ඇයි එයා එන්නෙ කියලා. මොකද මේ තියෙන දේවල් එක්ක මම ගිහින් දින්නොත් රෝසී දින්නා කියලා කියයි.
මම ඇයට ඉන්වයිට් කළේ නෑ චන්දිමාල් තමයි කතා කරලා එයා එනවා කිව්වෙ ඒ ටිකට් දෙකම ගත්තෙ මම.13වැනිදා රෝසි ආවේ නැත්තම් මන් තමයි ලික විවාහක රු රැජින වෙන්නේ. කියලයි ඇය අවසානයේ කියා සිටියේ.
