ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකාගේ තිබ්බ එකත් ගැලවයි - පුෂ්පිකාගේ ශ්‍රී ලංකා විවාහක විවාහක රූ රැජින කිරුළ ගලවයි | Gossip Lanka Latest Story of Pushpika De Silva
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
Mrs World 2022
,
News
,
Pushpika De Silva
පුෂ්පිකාගේ ශ්‍රී ලංකා විවාහක විවාහක රූ රැජින කිරුළ ගැලවයි
විවාහ රූ රැජිණ කිරුළ දැරූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි .
ඒ අනුව ඊයේ (08) දින සිට පුෂ්පිකා ද සිල්වා මහත්මියට ශ්‍රී ලංකා විවාහක රූ රැුජින නාමයත් දේශීය හෝ විදේශීය වත් කිසි ලෙසකින් භාවිතා කිරීම වාරණය කර තිබේ.
ඒ අනුව පුෂ්පිකා ද සිල්වාට ''ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ'' යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොන යම් ආකාරයකින් හෝ භාවිත කිරීම ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ නීති සහ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බව ඔහු අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.
පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවේ, 2021 වසරේ අප්‍රේල් මස 4 වන දා ය.
එහිදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරිට සිය කිරුළ අත්හැරීමට ද සිදු විය.
අනතුරුව, අමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවති ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වාට සහභාගී වීමට අවස්ථාව හිමි වූ අතර එහිදී ඇය අවසන් තරගකාරියන් 6 දෙනා අතරට පැමිණීමට සමත් විය.
කෙසේ වෙතත්, තරගයෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර තිබුණේ තමන් ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සිව් වන ස්ථානය දිනා ගත් බව ය.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා විවිධ විවේචන එල්ල වූ අතර පුෂ්පිකා ද සිල්වා ඇතැම් මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණේ, සිය කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ කුමන්ත්රණකාරී ක්‍රියා හේතුවෙන් තම ජයග්‍රහණය වැළකුණු බව ය.
ඒ සම්බන්ධයෙන් ඇය මෙරට පළමු ලෝක විවාහක රූ රැජිණ වන රෝසි සේනානායක මහත්මියට ද චෝදනා කර තිබුණු අතර පසුව රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වාට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යැවීමට කටයුතු කර තිබිණි.
එමෙන් ම, ලෝක විවාහක රූ රැජිණ සඳහා වන ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගාවලියේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා ද ඇයගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර තිබිණි.
