ලෝකෙට අඬබෙර ගහන්නේ නැතුව මගේ විවාහය චාම්ව සිදු වේවි
සාරංග සමග විවාහය දෙදරාගිය උමාලි තිලකරත්න කියපු අහිංසක කතාව
පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ විට කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්වුණා උමාලි තිලකරත්න කියන චරිතය පත්වුණා. ඊට බොහෝවිට හේතුව බවට පත්වුණේ සාරංග හා දිනක්ෂිගේ විවාහ මංගල්‍යයයි. ඉතින් කාලෙකට ඉහතදි උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියලා කියන්නේ අඹුසැමියන් දෙදෙනා.
නමුත් කාලයකට පස්සේ ඔවුන් නීතියෙන් වෙන් වෙනවා. පසුව සාරංග දිසාසේකර දිනක්ෂි සමගින් විවාහ වෙනවා. දැන් ඔවුන් දෙපළට ආදරණීය දියණියක් ද සිටින අතර සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ විට ඔවුන් තමන්ගේ කුඩා දියණියගේ නවතම තොරතුරු යාවත්කාලීන කරනවා.
ක්ෂේත්‍ර රැසකින් තම දක්ෂතාවය පෙන්වන ඇය ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිහතමානී චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. වෙනවා.ඇය නිරන්තරයෙන් රංගනය තුළ දකින්න නොලැබුනත් ඉදහිට හෝ කලාවට සම්බන්ධ වෙන්නේ ඇය තුළ ඇති කලා හැකියාව නිසා.
නිදහස් ජිවිතයක් ගෙවන උමාලි ලියන්න කියවන්න ආස කෙනෙක් බව කවුරුත් දන්න කරුණක්. ඇගේ හිතට දැනෙන ඕනිම දෙයක් වචන කරන්න ඇය උපන් දක්ෂතාවයක් ඇති අයෙක්.
නිසදෙස් කෙටි කතා කවි පවා ඇය අතින් ලියවෙද්දි ජිවිතේ කියන දේ දිහා හරි සරල ලෙස දකින්න ඇය පුරුදු වෙලා. ඇය ලියන නිසාම අපි ඇයගෙන් ඇහුවේ දවසක ඇය පොත් ලියන්නියක් වෙයිද කියලා.එයට අපිට ලැබුනේ මෙහෙම පිළිතුරක්”ඒක කියන්න බෑ දැන්ම.
හැබැයි එහෙම නොවෙයි කියලා කියන්නත් බෑ.පෞද්ගලිකව මම මේ ගෙවන ජිවිතේ මේ ගෙවන කාලේ අර්ථවත් විදිහට ගෙවන්න කැමතියි.
සම්මාන රැසකින්ම පිදුම් ලබලා ඉන්න උමාලි තිලකරත්න කියලා කියන්නේ නිහතමානී චරිතයක්.
ඇය විටින් විට අපිට විවිධ චරිත සමගින් පුංචි තිරය ඔස්සේ වගේම රිදී තිරයෙන් ද දක්නට ලැබෙනවා.
