Featured News

Video Gossip

Advertisement

IPL වෙන්දේසියේදී වනිදු හසරංගට රුපියල් කෝටි 29ක වටිනාකමක් හිමිවෙත්දී වෙන්දේසිකරු සිහිසුන්ව ඇද වැටුන හැටි 
[VIDEO]

ලොව අංක එකේ 20-20 පන්දු යවන්නා වන ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර අයි පී එල් ක්‍රීඩක ලොව අංක එකේ 20-20 පන්දු යවන්නා වන ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසගත වටිනාකමක් හිමි වුණා. 

ඒ මෙවර අයි පී එල් තරගවාරය වෙනුවෙන් බැංග්ලොර්හි දැන් පැවැත්වෙන ක්‍රිඩක වෙන්දේසියේදීයි. ඔහුව ඉන්දීය රුපියල් දස කෝටි හැත්තෑ පන් ලක්ෂයකට මිලදී ගනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්.
ඒ අනුව, IPL ක්‍රීඩක වෙන්දේසියේ විදෙස් ක්‍රීඩකයෙකුට මෙතෙක් නියම වූ වැඩි ම මිල වනිඳු හසරංගට හිමිවීම විශේෂත්වයකි.

මෙම වෙන්දේසියේදී වනිඳු හසරංග මිල දී ගනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසිනි.

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය අද (පෙබ. 12) බැංගලෝර්හිදී ආරම්භ විය.

වනිඳු හසරංග වෙනුවෙන් ලංසු තබන අවස්ථාවේදී වෙන්දේසිකරුවෙකු වූ හියු එඩ්මීඩ්ස් (Hugh Edmeades) සිහිසුන්ව බිම ඇද වැටී තිබුණු අතර ඊට විදෙස් මාධ්‍යවල දැඩි අවධානයක් යොමු වී තිබිණි.

ඒ හේතුවෙන් වෙන්දේසිය තාවකාලිකව නතර කිරීමට සිදු වුවු ද පසුව වෙනත් වෙන්දේසිකරුවෙකු යොදා ගනිමින් ක්‍රීඩක වෙන්දේසිය යළි ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements