Featured News

Video Gossip

Advertisement

එයාට ජංගි හොරා කියලා කියන්න ලැජ්ජත් නෑ - ජංගි හොරා සමග ගතකල කාලය ගැන ගැන දිල්හානි ඒකනායක කතා කරයි

දේදුන්නෙන් ආ සමනළිය අද වෙනකොට නම් අපට සිටින විශිෂ්ට ගනයේ රංගන ශිල්පිණියක් බව කොයි කවුරුත් හොදින් දන්නා කරුණක්.

මල් ගස් වටේ දුවමින් සුන්දර සමනළ සිහින ලෝකයක අපව අතරමං කරපු ඇය ප‍්‍රතිභාපූර්ණ රංගනයෙන්ද රිදී තිරය අමන්දානන්දයට පත් කළේ ඈ සතු රංගන හැකියාව තව තවත් තීව‍්‍ර කරමිනි.

නර්තන කෞශල්‍යය හා මලක් මෙන් සුපිපෙන ඇයගේ සිනහව නිසා ම ලංකාවේ “ශ්‍රී දේවි” ලෙසින් ද දිල්හානි ඒකනායකට නම් පටබැඳිණි.

සිය රංගන චාරිකාවේ නිබදව සම්මානයට පාත‍්‍ර වූ දිල්හානි ඒකනායක ගැන මෑතකදී ඇය කතාබහට ලක්වුණේ ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ ජංගි හොරා නමැති වැඩිහිටියන්ට පමණයි සිනමා කෘතිය හේතුවෙනි.
කොහොම ද මේ දවස්වල ජීවිතේ?

ජීවිතේ ඉතා හොඳ යි.

ජංගි හොරා චිත්‍රපටය තිරගත වීම ත් සමග ආන්දෝලනාත්මක ප්‍රතිචාර ලැබෙන බව ආරංචියි?

ඔව්. විවිධ වර්ගයේ ප්‍රතිචාර ලැබෙනවා. කිසි ම කෙනෙක් මූණට කිසි ම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. හැබැයි බොහෝ දෙනෙකු ඒ පිළිබඳව ලියා තිබෙනවා මම දුටුවා.

මගේ කාර්ය මම නිම කළා. ප්‍රේක්‍ෂකයන්ට තමන්ට සිතෙන දේ ප්‍රකාශ කළ හැකි යි. අහක යන කතන්දර මම ඇඟේ ගා ගන්න කොහොමත් කැමැති නැහැ. ඒවගේ ම ඒවට කලබල වෙන්නෙ ත් නැහැ.

එම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණයි දර්ශන අවස්ථා කිහිපයක් ඔබට නිරූපණය කිරීමට සිදුවෙනවා. එය අභියෝගයක් වුණේ නැද්ද?

මම වැඩිහිටියෙක් නිසා ඒ දර්ශන අවස්ථා මට අභියෝගයක් වුණේ නැහැ.

මීට පෙර ත් ඔබ එවැනි දර්ශනවලට පෙනී ඉඳලා තිබෙනවා නේ ද?

ඔව්. කිහිපවරක් ම මම එවැනි දර්ශනවලට පෙනී ඉඳලා තියෙනවා. ඒ සෑම දර්ශනයක් ම මම රඟපෑවේ වැඩිහිටි වියට එළැඹීමෙන් පසුව යි. ඒ නිසා මට එය ගැටලුවක් වුණේ නැහැ.

ලැබෙන චෝදනා නිසා ඒ චරිතය නිරූපණය කිරීම පිළිබඳව පසුතැවීමක් තියෙනව ද?

කිසි සේ ත් පසුතැවීමක් නැහැ.

ජංගි හොරා චිත්‍රපටයේ ඔබ රංගනයේ යෙදෙන්නේ අලුත් පරම්පරාවේ රංගන ශිල්පියෙකු සමග යි. ඒ සුසංයෝගය පිළිබඳ ඔබගේ හැඟීම් කෙබඳු ද?

මම පසු පරම්පරාව සමග කිහිප විටක් වැඩ කටයුතු කළා. රංගනයේ පරිණතභාවය ලැබෙන්නේ ක්‍ෂේත්‍රයේ රැඳී සිටින කාලය හා දායක වන නිර්මාණවලින් ලත් අත්දැකීම මත යි.

ක්‍ෂේත්‍ර කාලය ත් සමග රංගන කටයුතු ගුණාත්මක තත්ත්වයට පත්වෙනවා. ඔවුන් තරුණ යි වගේ ම අපේ පරම්පරාවේ නොවෙයි කියා බෙදීමක් නැහැ.

ඔවුන් සමග සතුටින් වගේ ම සහයෝගයෙන් මම වැඩ කටයුතු කළා.

දිල්හානි ඒකනායක කාලෙකින් ආචාර්ය සෝමරත්න දිසානායකගේ ජංගි හොරා කියන චිත‍්‍රපටයෙන් දකින්න ලැබෙනවා. මොනවගේ ප‍්‍රතිචාරද මේ වෙනකොට ඔබට ලැබෙන්නේ ?

මට කිසිවෙක් කිසිදෙයක් මගේ මුහුණට කියන්න එන්නේ නැහැ. ගොඩක් අය මම දැකලා තියෙනවා. කමෙන්ට්වල වැරදි අර්ථකථන දෙනවා.

ඒ වගේම ඒවා ඇරෙන්න බලපු කෙනෙක් ඇවිත් දොස් කියලත් නැහැ. හැබැයි ර`ගපෑම්වල අඩුපාඩු කියලා තියෙනවා.

මට හිතෙනවා මිනිස්සු බනින්න හරි බලන ගතියක් තියෙනවා කියලා.

මේ පිටපත සෝමරත්න දිසානායකයන් ඔබ අතට දෙනකොට මොකද හිතුණේ ?

මට කරන්න දෙයක් තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම තේරුණා. ඒ වගේම මට සෝමේ අයියා ගැන විශ්වාසයක් තියෙනවා.

එයා ගැන විශ්වාසයක් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට තියෙනවානේ. ඔහු යටතේ ඉ`දලා හිටලා හරි ර`ගපාන්න ලැබෙන එක මට හො`ද දෙයක්. මගේ විදිහට යම්කිසි දේවල් ටිකක් වෙනස් කරගන්න සිද්ධවුණා. එහෙම කරගෙන ර`ගපෑවා.

ලංකාවේ “ශ්‍රී දේවි” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතීතයට පියමන් කළොත්?

මම ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදී මට ශ්‍රී දේවි ලෙස විරුධාවලි ලැබුණ ත් මම මගේ ගෘහය තුළ මගේ ම අනන්‍යතාවක් ගොඩ නඟාගෙන හමාර යි. ඒ නිසා කාගේවත් නමක් මට අවශ්‍ය නැහැ.

ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ නර්තනයට දක්‍ෂ නිසා එසේ හැඳින්වුව ත් වර්තමානයේ මගේ ගමන් මග දෙස හැරී බලන විට එකී සමාන නිර්ණායකයන් මම බිඳ හෙළා අවසාන යි.

තරුණ වියේදී තරුවකට සම කරන විට එයින් ලොකු වින්දනයක් සහ ලොකු උත්තේජනයක් ලැබුවා. අද ඒ ගැන කල්පනා කරන විට සිතට සතුටු යි.

ඔබගේ සමකාලීන රංගන ශිල්පීනියන් හා සසඳන විට නර්තනය තුළින් ඔබව වඩාත් කැපී පෙනෙනවා නේ ද?

ඔව්. එයට හේතුව මම අවුරුදු නමයේ පටන් ම නර්තනය හැදෑරීම යි.

මම සැලසුම් කළේ නර්තන ශිල්පිනියක් වීමට යි.

නමුත් අහඹු ලෙස මට රංගන කාර්යයට පිවිසීමට අවස්ථාව ලැබුණා. ඒ නිසා සාපේක්‍ෂව මම සමකාලීන රංගන ශිලිපිනියන් අතර කැපී පෙනෙනවා ඇති.

අනාගත බලාපොරොත්තු මොනවා ද?

වර්තමානයට මුහුණ දීම යි එක ම අනාගත බලාපොරොත්තුව.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements