Featured News

Video Gossip

Advertisement

සන්ලයිට් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වයි  
රුපියල් මිලියන 5ක් ආයෝජනයක්

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ හදවත් දිනූ යුනිලිවර් හි ප්‍රමුඛතම සන්නාමයක් වන සන්ලයිට්, මනුදමින් බැඳුණු ශ්‍රී ලාංකේය බැඳීම් සවිමත්ව ඉදිරියට ගෙන යාමේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සහ සිංගර් ෆැෂන් ඇකඩමි සමඟ එක්ව සන්ලයිට් මනුදම් වියමන සමාජ සත්කාරක වැඩසටහන හරහා ඇඟළුම් ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නගා සිටුවීමේ සුවිසල් වැඩපිළිවෙලත් සමඟිනි.මෙම වැඩසටහන තුළින් විශේෂයෙන් ඇඟළුම් ආශ්‍රිත කර්මාන්තයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති සන්ලයිට්, සිංගර් ෆැෂන් ඇකඩමිය සමඟ එක්වෙමින් ඔවුන්ගේ ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ඇඟළුම් ක්ෂේත්‍රයේ නිරතව සිටින 10,000ක පමණ ව්‍යවසායකයන් පිරිසකගේ කුසලතාවන් සහ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ඔන්ලයින් වැඩමුළු සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. එහිදී මෙම වැඩසටහන සමඟ ලියාපදිංචි වූ 250 දෙනෙකුට ඔවුන්ගේ ව්‍යාපාර තත්වයන් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මුදල් ආධාර ලබා දීමට කටයුතු කිරීමද මෙහි විශේෂත්වයකි. වැඩමුළුව සඳහා සහභාගී වීමට කැමති ව්‍යවසායකයන් හට www.manudamviyamana.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාවද මෙහිදී උදා කර දී ඇත.

මෙම සුවිශේෂී උපාය මාර්ගික සබැඳියාව යථාර්තයක් බවට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා එක් වූ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා, යුනිලිවර් ශ්‍රී ලංකාහි Homecare, Foods & Refreshments and Water පිළිබද අලෙවි අධ්‍යක්ෂිකා ෂර් මිලා බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක් ද ඊට එක් වූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements