Advertisement

රුපියල මස්තබාල්දු වුනු හේතු ගම්මන්පිල කියයි

ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමට බලපෑ හේතු හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමට හේතු වූ කරුණු පහතින් පෙන්වා දී ඇත.

1 දිගු කාලයක් විනිමය අනුපාතිකය කෘතිමව තබා ගැනීම

2 ආනයන වියදම් සහ අපනයන ආදායම අතර විශාල පරතරය
3 උද්ධමනයට වඩා අඩු පොලී අනුපාත පවත්වා ගැනීම, ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනය කිරීමට මිනිසුන්ට බල කිරීම
4 මුදල් මුද්‍රණය කිරීමෙන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීම
5 ආනයනික භාණ්ඩ අවශ්‍ය වන නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ආනයනික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීම.
6 ගෙවුම් ශේෂ පරතරය මූල්‍යකරණය සඳහා විදේශ ණය මත දැඩි ලෙස යැපීම
7 නැවත සාකච්ඡා කිරීමට අපහසු ජාත්‍යන්තර මුදල් වෙළෙඳපොළ ණය ගැනීම් සඳහා දැඩි ලෙස නිරාවරණය වීම
8 විදේශ ණය නැවත ගෙවීම ගැන නියමිත වේලාවට සාකච්ඡා කිරීමට අපොහොසත් වීම

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements