Featured News

Video Gossip

Advertisement

නාමල්ට  මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් සිදුකලේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමක් රාජපක්ෂ ඇතුළු විත්තිකරුන් හය දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගොනු කල නඩුවේ වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් මහාධිකරණය අද (28) නියම කර තිබේ.ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදි වන අතර, එහිදි නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 14 වැනි දින කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කරනු ලැබීය.

නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ඉකුත් රජය සමයේ ගොනු කර තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements