Advertisement

විරෝධතාකරුවන් බැසිල්ගේ නිවස වටලති ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ යයි කියන බත්තරමුල්ලේ පිහිටි නිවසක් විරෝධතා කරුවන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ වට කර තිබිණි.

දහසකට වැඩි පිරිසක් විසින් මෙම වැටලීම සඳහා එක්වී තිබේ.

ඒ සමගම එම නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදීමට පොලිසිය කටයුතු කර තිබුණි.

ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements