Featured News

Video Gossip

Advertisement

අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් භාරකාර රජයක් පිහිටුවා මැතිවරණය තියන්න 
රනිල්ගෙන් යෝජනාවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව හිමිවන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements