Featured News

Video Gossip

Advertisement

ඊයේ පත්වූ මුදල් ඇමති අලි සබ්රි අද ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා වේ.

ඒ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊයේ (04) දිවුරුම් දුන්නේය.

ඒ මහතා, "අද දෙරණ" ට පැවසුවේ අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදීමට තමා ඒ තීරණය ගත් බවය.

අද රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හදිසි නීතිය පැනවීමට රජය ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුමත නොකරන බවද ඔහු පැවසීය.

ඒ අනුව තමා ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන බව ඔහු කීය.

නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රංජිත් සියඹලාපිටිය
ජගත් පුෂ්පකුමාර
ෂාන් විජයලාල් ද සිල්වා
ශාන්ත බණ්ඩාර
දුෂ්මන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අන්ගජන් රාමනාදන්
සම්පත් දසනායක

මේ වනවිට පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 12 දෙනෙක්, විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු 16 දෙනෙක් සහ අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය පක්ෂයේ එස් එම් එම් මුෂාරෆ් මන්ත්‍රීවරයාද ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements