Featured News

Video Gossip

Advertisement

පොහොට්ටුවේ 11 ඇතුලු ආණ්ඩුවේ 40ක් දැනට ස්වාධීන වෙයි
චමල් රාජපක්ෂට අද සාටකයත් අමතක වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11ක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ස්වාධීන වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු

අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්, චන්දිම වීරක්කොඩි, නලීන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, අරුන්දික ප්‍රනාන්දු, ජයරත්න හේරත්

ආණ්ඩුවේ 42ක් දැනට ස්වාධීන වෙයි

ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරු 40ක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14ක්, ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ 10ක මන්ත්‍රීවරු16ක් හා ශ්‍රීී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10ක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දන්වා තිබේ.

චමල්ට සාටකය අමතක වුණාද


හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඔහු පළදින සාටකය නොපැළද පැමිණ සිටියේය.

පසුගිය කාලය තුළ ඔහු සාටකයක් පැළදීම සිදු කළ අතර ඊයේ දිනයේදී මෙලෙස සාටකය නොමැතිව පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කර තිබුණේය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂවරුන්ද ඊඅදපාර්ලිමේන්තුවට පැමිණි අතර ඔවුන් සාටකය පැළද සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements