Advertisement

අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයාගේ පසුපස පොලිසිය පන්නයි

පුද්ගලයන් තුන් දෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ පුද්ගලයන් තුන් දෙනෙකු ට පහර දී තුවාල සිදු කිරීමේ සිදුවීමක් පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙමින් ඇති බවයි.
හලාවත ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුගේ නිවසටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුගේ ද නිවසටත්ය.

එම පහරදීම් වලින් ලොරි රථ දෙකකට වෑන් රථයකට හා යතුරු පැදියට අලාබ හානි සිදුව ඇත.

තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements