Advertisement

අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයාගේ පසුපස පොලිසිය පන්නයි

පුද්ගලයන් තුන් දෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ පුද්ගලයන් තුන් දෙනෙකු ට පහර දී තුවාල සිදු කිරීමේ සිදුවීමක් පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙමින් ඇති බවයි.
නීතියට වඩා තමන් ජනතාව වැදගත් ලෙස සලකන බවත් එනිසා සැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළා.

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම හෙලි පෙහෙළි කිරීම සිදුවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැඟවී සිටින්නේ යැයි ගෙන යන ප්‍රචාර අසත්‍ය යයිද ඔහු කියා සිටියා.
විදේශීය ධීවර යාත්‍රා වන්ට මේ රටට ඇතුළුවීමට ඉඩ ලබාදීමේ සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඇතමුන් ප්‍රකාශ අසත්‍ය බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග ‌නොබියව සිදුකළ සංවාදයක් මුල් කරගෙන රටේම ආදරය දිනාගත් ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මියට එරෙහිව ‌මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින්  වාර්තා වනවා.
මීගමුව ප්‍රදේශයේ පිහිටි සුවිශේෂී කඩොලාන පරිසර පද්ධතියක් සහිත දූපතක අක්කර දෙකක පමණ භූමියක් විනාශ කර දමා ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා අවසරය ලබා දෙන ලෙස ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා ඇතුළු පිරිසක් ඉල්ලා සිටින ඉඩම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් වාර්තා වනවා.

ඇය සඳහන් කළේ ධනවත් අයෙකු ව්‍යාජ ඔප්පුවක් සකසා අනවසරයෙන් මෙම ඉඩම පසුගිය කාලයේ අල්ලාගෙන සිටි බවයි.
තමන් මැදිහත් නොවුණා නම් ධීවරයන් වන නිළධාරිනියට වටකර පහරදෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements