Advertisement

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් SSP කීර්තිරත්න සහ කොස්තාපල්වරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් ඔවුන් තිදෙනා මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.ඊට පෙර අදාළ වෙඩි තැබීමට අණ දුන් බව කියන රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements