Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මහින්ද ඉවත් විය යුතුයි ජනපති කියලා.. 
මං සූදානම්  අගමැති කියලා
තාත්තා ඉවත් කලොත් මං විපක්‍ෂයට යනවා..
- නාමල් ජනපතිට කියලා..

ජනාධිපතිවරයා ගැනීමට සූදානම් වන තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන ගෝඨාභය රාජපක්ෂ සමග මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ හමුවී ඇත.

මෙහිදී පවුලේ වැඩිමලා වශයෙන් මෙම අර්බුධය විසදීමට ගත හැකි ක්‍රියාමාර්ග 3ක් පිළිබඳ චමල් රාජපක්ෂ පෙන්වා දී ඇත.

‘අපි ට මෙතැනදී ක්‍රම 3ක් අනුගමනය කරන්න පුලුවන්. එක තමයි එක්කෝ අපේම කෙනෙක්ට අගමැති ධුරය ලබා දෙන එක, දෙක තමයි අපි විපක්ෂයට යන එක තුන තමයි ඔය චම්පිකලාට හරි සජිත්ලාට හරි අගමැතිකම ගන්න දෙන එක. හැබැයි මට හිතෙන විදිහට මේ තුන්වැනි දේ වෙන්න දෙන එක නම් ඒ තරම් සුබ නෑ. ඒ නිසා කරන්න තියෙන හොදම දේ තමයි අපේම කෙනෙක්ට අගමැතිකම ගන්න ඉඩ දීලා ආණ්ඩුව කරගෙන යන එක”මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පොහොට්ටුවේම පිරිසක් නැවතත් පත් කරගෙන ආණ්ඩුව කරගෙන යාමට නම් විමල් හා ගම්මන්පිලගේ සහය ලබා ගැනීම අවශ්‍ය බවත් මහින්ද අගමැති ලෙස ඉන්නා තුරු ඔවුන්ගේ සහය ලබා ගැනීමට නොහැකි බවත්ය.

මෙහිදී මහින්ද ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ තමන් කුමක් කළ යුුතුද කියායි.

එවිට ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහින්ද අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවයි. ඒ අවස්ථාවේදී මහින්ද එම යෝජනාවට එකග වී ඇත.

මෙහිදී නාමල් පවසා ඇත්තේ තමන් ඕනෑම මොහොතක විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවයි.


තාත්තා ඉවත් කලොත් මං විපක්‍ෂයට යනවා..- නාමල් ජනපතිට කියලා..

කෙසේ වෙතත් අගමැතිධුරයෙන් ඉවත් වීමට මහින්ද ගත් තීන්දුව පසුදා වන විට යළිත් වෙනස් වී ඇත්තේ පවුලේ උදවියගේ බල පෑම මත වෙනස් වී ඇති බවය.

තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පවසා තිබේ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීය.

අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්නේ නම් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමඟ තමන් විපක්ෂයට යන නාමල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්‍ෂයක ජනතාව ඡන්දය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ පිළිබඳ වූ විශ්වාසය මත බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇතැයිද ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook