හරින්ට මනූෂට සජබෙන් බාල්දියක් - ආණ්ඩුවට එක්වූ සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නවා - කිරිඇල්ල
gossip
,
gossip lanka
,
hot news
,
Lakshman Kiriella
,
lanka C news
,
News
හරින්ට මනූෂට සජබෙන් බාල්දියක්
ආණ්ඩුවට එක්වූ සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නවා - කිරිඇල්ල
කැබිනට් අමාත්‍ය ධූර ලබා ගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අද (මැයි 20) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුවට එකතු වීම සමගි බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය නොවන බව ය.
“අපි තීරණයක් ගත්තා ආණ්ඩුවට එක්වෙන්නේ නැතුව විපක්ෂයේ ඉඳලා ධනාත්මක ප්‍රතිචාරයක් දෙන්න. හැබැයි මේ අස් වෙච්ච අයට මම කියන්න කැමතියි, විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව, ඒ අයට විරුද්ධව විනයානුකූල පියවර ගන්නවා..”
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද (මැයි 20) සංචාරක හා ඉඩම් අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අතර මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරයේ දෙනු ලැබීය.