Advertisement

එන සතියේ සිට  විදුලිය කැපිල්ල අත්හිටුවීමට තීරණයක්

ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 21) පැවති මාධ්‍ය හමුවකදී ය.

වියදම වැඩි වුව ද විදුලි උත්පාදනය සඳහා ලබා දෙන ඩීසල් සහ දැවිතෙල් ප්‍රමාණය ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදු වන බව ඔහු පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බොහෝ පිරිස් විදුලි ජනක ජන්ත්‍ර සඳහා යැයි පවසා කෑන්, බැරල් සහ බූලි සඳහා ඉන්ධන රැස් කර ගන්නා බව ත් එමගින් සාමාන්‍ය ජනතාවට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පහත බසින බව ත් ය.

ඒ හේතුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම මගින් එම තත්ත්වය මග හරවා ගත හැකි බව අමාත්‍යවරයා පැවසීය.

හෙට දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ද ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බව ත් ජල විදුලිය ද කළමනාකරණය කර ගෙන සඳුදා හෝ අඟහරුවාදා අඛණ්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements