Advertisement

ආර්ථික අර්බුධය බාර ගනිමින් නව අගමැති ලෙසට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙනු ලැබුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ එම දිවුරුම් දීම සිදුවූයේ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙසට පත් වූයේ 7 වන වතාවටයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවහොත් සමගි ජන බලවේගයේ පිරිසක්ද ඔහුට සහය පළ කරමින් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග මීට පෙර ප්‍රකාශ කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර විශේෂ හමුව ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ කොළඹ - කොටුව ජනාධිපති මන්දිරයේදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ආරාධනයකට අනුවයි මෙම හමුව පැවැත්වී ඇත්තේ. එම සාකච්ජාව පැය තුනකට ආසන්න කාලයක් පැවත් වී තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකිනම් රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්කිරීමට හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වනවා.

ඒ සමඟ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට ආසන්න සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් අතරින් ප්‍රබලයින් කිහිප දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර පිරි නැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක දිව්රුම් දීමටද නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායමද නව අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමට සූදානම් බවද විවිධ වාර්තා පළ වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements