Advertisement

මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ ද සිල්වා

ජාතික ආණ්ඩුවක් තුළ මුදල් ඇමතිකම ගැනීමට තමන් සූදානම් බවත් ඊට අවශ්‍ය කැපකිරීම කිරීමට සූදානම් බවත් අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් සදා රටේ ප්‍රශ්න විසදා ගැනීමට මැදිහත්විය යුතු බවට පක්ෂ නායකයින්ට තවදුරටත් නොතේරීම ප්‍රශ්න සහගත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ මොහොතේ නිවැරදි තීරණ ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය ඉටු කිරීමට යම් කාලපරාසයක් ඇතිව ඊට සූදානම් බව ප්‍රකාශ කරන්නේ නම් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.
රට ගැන ආදරයක් ඇත්නම් ජනාධිපතිවරයා විසින් එය කළ යුතුව ඇති බවයි ඔහු පැවසුවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements