අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමේ සුදානමක්
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Politics
,
Ranil
,
Ranil Wickremesinghe
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමේ සුදානමක් ..!
21 වන සංශෝධනය, 19 වන සංශෝධනය ගෙන ආ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින්ම ගෙන ඒමට නියමිතව ඇති අතර එය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි විශේෂයෙන්ම විගණන, පොලිස්, ප්‍රසම්පාදන ඇතුළු කොමිසන් සභා නැවත ස්ථාපිත කිරීමට නියමිත ඇති අතර ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ සංශෝධනයද එහි විශේෂ එකක් වනවා.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය ලබා ගැනීමට පෙර දින ගෝටාබය සමග කල සාකච්ඡාවෙදී මෙම සංශෝධනය ගෙන ඒමට එකගවී ඇති අතර එම එකගත්වය අනුවයි අගමැති ධුරය භාර ගැනීමට වික්‍රමසිංහ මහතා එකග වී ඇත්තේ.
අනතුරුව රනිල් අගමැති වී රැස්වූ පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට කළු කුරුල්ලකු ඔවුන්ගේ සහචරයන් සමග ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිසිමට ඉඩ නොදෙමින් නියෝජ්‍ය කතානායක තේරීමේ අවස්ථාවේ පවා බාල්දියක් පෙරලමින් තමන්ගේ සහචරයෙක් දමා හිතුවක්කාර උද්දච්ච දේශපාලනයේ නිරත වෙමින් සිටි බව එදා විපක්ෂ මන්ත්‍රී වරුන්ට ප්‍රසිද්දියේ පැවසු අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද වෙනත් ආකාරයේ අදහස් වලින් පැවසුවා.
කෙසේ වෙතත් මේ වන විටත් 21 වන සංශෝධනයේ වැදගත්ම වගන්ති ඉවත් කිරීමට දැඩි බලපෑමක් ද්විත්ව පුරවැසි කළු කුරුල්ලා ඉහල පුටුවට බලපෑම් කරමින් සිටින අතර ඉහල පුටුව එම කුරුල්ලාට තව දුරටත් අවනත වෙමින් 21 ගෙන ඒමට ඉඩ නොදුනහොත් අද සවස හෝ හෙට දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අද සවස විශේෂ රැස්වීමක් ඉහල පෙලේ දේශපාලකයන් විසින් පවත්වන අතර කළු කුරුල්ලාගේ සහචරයන් එකතුවී 21 සංශෝධනය පරාජයට පත් කිරීමට තව දුරටත් සැලසුම් කරනවානම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වනු ඇති.
ඒ අනුව නැවත යම් ස්ථාවරත්වයකට එමින් විදෙස් සහය ලැබෙමින් සැලැස්මක් අනුව ආර්ථිකය හැසිරවීමට ආරම්භ වීම අවසන් වී රට අස්ථාවර වනු ඇති අතර අවසානයේ ශ්‍රී ලංකික ජනතාවට මෙහි බරපතල ප්‍රතිවිපාක විදින්නට සිදු වනු ඇති. එහි සම්පුර්ණ වගකීම උද්දච්ච හිතුවක්කාර ද්විත්ව පුරවැසි කුරුල්ලකුට හා ලංකාවේ සිටින ඔහුගේ සහචරයන්ට දැරීමට සිදුවනු ඇති.
ඒ අනුව නැවත යම් ස්ථාවරත්වයකට එමින් විදෙස් සහය ලැබෙමින් සැලැස්මක් අනුව ආර්ථිකය හැසිරවීමට ආරම්භ වීම අවසන් වී රට අස්ථාවර වනු ඇති අතර අවසානයේ ශ්‍රී ලංකික ජනතාවට මෙහි බරපතල ප්‍රතිවිපාක විදින්නට සිදු වනු ඇති. එහි සම්පුර්ණ වගකීම උද්දච්ච හිතුවක්කාර ද්විත්ව පුරවැසි කුරුල්ලකුට හා ලංකාවේ සිටින ඔහුගේ සහචරයන්ට දැරීමට සිදුවනු ඇති.

