Advertisement

71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළා 
ගණම් මිනුම් ඇති සජිව කෙලින් කියයි

රාජපක්ෂ පවුල ආරක්ෂා කරන නිලධාරියා හෝ නිලධාරී කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට තමා කිසිසේත් සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (24දා) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඒ අනුව අවස්ථාවාදී දේශපාලනය සිදු කර රැකවලුන් බවට පත්වෙනවාද එසේ නොමැති නම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ නිරත වන්නේද යන තීන්දුව සියලු පක්ෂ ඉදිරියේ තිබෙන බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

"මුළු රටම ඉල්ලන්නේ වෙනසක්. නමුත් රටටම ලැබිලා තිබෙන්නේ පරණ දේමයි. කෝප් කමිටුවෙන් මේ රටේ දූෂිතයන්, වංචාකරුවන් පිළිබඳ හෙළිදරව් වන විට අදටත් මේ රජය කරන්නේ හොරුන්ව ආරක්ෂා කිරීම. මිනිස්සු ඉල්ලන්නේ ජීවත්වීමට අවස්ථාව.

අදූරදර්ශී, දූෂිත රාජ්‍ය පාලනයක් නිසා කිරිකැටි දරුවෙකුටත් ජීවිතය අහිමි වුණා. මේකයි අපේ රටේ ඛේදජනක තත්ත්වය. මේ තත්ත්වයට අපේ රට වැටිලා හමාරයි. මේ ඛේදවාචකය ඉදිරියේ අපි නිහඬව සිටිනවාද? අපි නිරුත්තරව, නිරුපද්‍රිතව සිටිනවාද? එසේ නොමැතිව ජන බලයෙන්, ජන සවියෙන් ජනතාවාදී සැබෑ වෙනසක් ඇති කරනවාද? අවස්ථාවාදී දේශපාලනය කරලා රැකවලුන් බවට පත්වෙනවාද? එසේ නොමැතිව ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිරත වෙනවාද? ඒ තීන්දුවයි අපි ඉදිරියේ තිබෙන්නේ.

71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළා දින 52 කුමන්ත්‍රණය පරාජය කරන්න. අද දවසේත් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළේ මේ රටේ මහජන අරගලය පාවා දෙන්නේ නැතිව මිනිස්සුන්ව ජයග්‍රහණය කරවන්න. කරුණාකරලා මට කියන්න එපා රාජපක්ෂ පවුලේ ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා හෝ නිලධාරී කණ්ඩායමට ඇතුළත් වෙන්න කියලා.

එය කරන්න මම කිසිසේත් සූදානම් නෑ. නමුත් මම සූදානම් ප්‍රතිපත්ති ගරුකව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, 20 ප්‍රතික්ෂේප කර 19 බලගන්වලා යහපත් රාජ්‍ය පාලනයක් ඔස්සේ මේ රටේ ජනතාවට අවශ්‍ය මානව හිමිකම්, ආර්ථික හිමිකම්, ජීවත්වීමේ හිමිකම් ලබා දෙන්න" යනුවෙන් සඳහන් කළේය.

ada . lk

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements