රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් මම ගෙදර යනවා - මහ බැංකු අධිපති දැඩි ස්තාවරයක
gossip
,
gossip lanka
,
gossipmain
,
gosspi lanka news
,
hot news
,
lanka C news
,
News
රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට දේශපාලන පක්ෂ ප්‍රමුඛ අනෙකුත් බල බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය වීරසිංහ පවසා සිටියේ තමන් මෙරටට පැමිණියේ සති දෙකක් තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තමන්ගේ සිත් තුල තිබූ ආර්ථිකය යථාවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවට තිබූ විශ්වාසය මත බවයි.
කෙසේ වෙතත් මේ වන විට තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගෙන මාසයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් රට දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයක තිබීම මහ බැංකුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම් ඉදිරියට ගෙන යෑම බරපතළ අභියෝගයකට ලක්කර ඇති කර ඇති බව ඔහු සඳහන් කරනවා.
යම්හෙයකින් නුදුරේදීම රට තුළ යහපත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නො නැගුන හොත් නැවත මේ රට ගොඩ ගැනීම තමාට නොව කිසිවකුටත්
කළ නොහැකි වනු ඇති බවටයි ඔහු අනතුරු අඟවන්නේ.
තමන් මේ බව මේ වන විටත් ජනාධිපතිවරයා පමුඛ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලට දන්වා ඇති බවත්, සියල්ල එක්මුතු වී රට ගොඩ ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඔවුන්ගේ වගකීම බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
මෙම මාධ්‍ය හමුවේ දී මේ මොහොතේ රටට නව මහා මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට යොමු වීමේ හැකියාවක් ඇත්දැයි පැමිණ සිටි මාධ්‍යවේදීනිනියක විමසා සිටියා.
එයට පිළිතුරු වශයෙන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ රට තුළ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම් සඳහා අසීරු තීන්දුත් තීරණ රැසක් ගැනීම්ට සිදුව ඇති බවයි.
මේ මොහොතේ ජනතා නියෝජිතයින් සහ අදාල බලධාරීන් තීරණය කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් ගෙන එනවද, එසේ නො මැතිව මැතිවරණයක් නොපවත්වා ස්ථාවර රජයක් ගෙන එනවා ද යන කාරණය පිළිබඳව පමණක් බවයි.
මේ මොහොතේ මැතිවරණයක් කරා යා යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් තමන්ට ඍජු පිළිතුරක් ලබා දිය නොහැකි වුවද අවශ්‍ය කරනුයේ සෘජු තීන්දු තීරණ ගත හැකි ස්ථාවර රජයක් පමණක් බවයි.
එය සාක්ෂාත් කර දීම දැන් පවතින්නේ ජනතා නියෝජිතයින්ගෙන් පාර්ශවයේ බවත් එය ඔවුන් විසින් තීරණය කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේවේ දී වැඩිදුරටත් කියා සිටියා.
HIRU NEWS

