Featured News

Video Gossip

Advertisement

මැරයන් පැමිණ පහරදෙන තුරු බලා සිටි 
ගෝල් ෆේස් භාරව සිටි DIG චම්පිකට මාරුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් ගාලු මුව‍ෙදාර සාමකාමී උද්ඝෝෂණයට පහර දී ගිනි තැබීමට පෙර දින දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ඒ අවට ආරක්‍ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා වහා ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, වසරක කාලයක් තුළ ඔහු මෙලෙස ස්ථාන හතකට මාරුකර යැවිණි.

ඉකුත් මස 23 වන දා සිට ඉකුත් 8 වන දා දක්වා ම ගාලු මුව‍ෙදාර ජනාධිපති කාර්යාලයේ ආරක්‍ෂාව සඳහා පැය 24 පුරා ම ඒ මහතා යොදවා තිබූ අතර මෙම කාලය තුළ ඔහුට කිසිදු විවේකයක් ලබා දී නැතැයි ද වාර්තා වේ. මේ හේතුවෙන් ඒ මහතා ඉකුත් 8 වන දා රාත්‍රියේ අසනීප වී රෝහල් ගතකර ඉකුත් 13 වන දා සුවය ලබා නැවත සේවයට වාර්තා කිරීමට යෑමේදී ඔහුට නව ස්ථාන මාරුව ලැබී තිබිණි.
හයදහසකට ආසන්න පිරිසක් 9 වන දා අරලියගහ මන්දිරයට හා ගාලු මුව‍ෙදාරට පැමිණෙන බව බුද්ධි තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ බව ඒ මහතා උසස් නිලධාරීන්ට ද දැනුවත් කර තිබූ බව ද කියයි.

කෙසේ වෙතත්, අරගල භූමියට මැරයන් කඩා වැදුණු දවසේ ඒ මහතා අසනීප වී රෝහල්ගතව සිටිය ද ඉහළ බලධාරීන්ගේ වුවමනා මත සිරිවර්ධන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්‍ෂාවෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව, වසරක කාලයක් තුළදී පොලිස් මූලස්ථානය, දේශපාලන පළිගැනීම් කොමිසම, ළමා හා කාන්තා කාර්යාංශය, විශේෂ ආරක්‍ෂක දිසාව, බදුල්ල දිසාව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට භුමියේ ආරක්‍ෂාව භාරව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ චම්පික සිරිවර්ධන මහතා සිකුරාදා සිට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements