Advertisement

ඩීසල් හිගය අවසන් වන දිනයක් කියන්න බෑ - කංචන
කොලොන්නාව, මුතුරාජවෙල ඉන්ධන නෑ.. හිස් බවුසර් රථ ආපසු යයි

වෙළඳපොලේ නිර්මාණය වී ඇත්තේ ඉන්ධන බෙදාහරින අංශවල වෘත්තී සමිති මෑත දිනවල සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඇති වූ ඉන්ධන හිගයක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඩීසල් හිගය අවසන් වන දිනයක් ගැන පැවසිය නොහැකි බව ද ඔහු පැවසීය.
නොරොච්චෝල දෝෂය යථා තත්ත්වයට පත් වනතුරු ඩීසල් සැපයීමට සිදුව ඇති බවත් එසේ නොකළහොත් පැය හතක් දක්වා විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.

කොලොන්නාව, මුතුරාජවෙල ඉන්ධන නෑ.. හිස් බවුසර් රථ ආපසු යයි

අමාත්‍යවරයා එලෙස ප්‍රකාශකලද ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත වෙන්න පැමිණි ඉන්ධන බවුසර රැසක් ඉන්ධන නොමැතිව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙරට ප්‍රධාන තෙල් ගබඩා සංකීර්ණ වන කොලොන්නාව සහ මුතුරාජවෙල වෙත ඉන්ධන ලබා ගැනීම සදහ බවුසර රථ පැමිණියද බොහොමයක් ඉන්න නොමැතිවීම හේතුවෙන් ආපසු හැරී ගොස් ඇත.

ඉන්දියාවෙන් ලබාදුන් තවත් පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 40000 නෞකාවක් මේ වන විට මෙරටට ලගා වී ඇත.

දැනටමත් ඉන්ධන හිටි හේතුවෙන් රට පුරා දැඩි ඩීසල් පෙට්රල් පෝලිම් ඇති වී තිබෙන අතර ඇතැම් ඉන්ධන පිරවුම් හල් වසා දැමීමට කටයුතු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements