Advertisement

ඩීසල් ලීටර් 1,000ක් කතරගම ඩිපෝවේ හොරට විකුණලා

කතරගම ඩිපෝව සඳහා රජය මගින් ලබාදෙන ඉන්ධන තොගයකින් අධික මිලකට ගත් ඩීසල් ලීටර් දාහක් කුඩා ලොරියකින් අම්බලන්තොට දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී කතරගම පොලිසිය විසින් කතරගම, දෙටගමුව වැව අසලදී සිය භාරයට ගනු ලැබ ඇත.එසේ භාරයට ගත් ඉන්ධන ලීටර් 1,000 සහ ප්‍රවාහනය කළ ලොරි රථය ඇතුළු සැකකරුවන් දෙදෙනා ඊයේ (ජූනි 9) තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකකරුවන් දෙදෙනා ම මඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හා 29 වියැති ගොවීන් දෙදෙනෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

Mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements