Advertisement

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි ගණනක වංචාවක් හෙළිවෙයි

කෝප් කමිටුව මගින් පසුගියදා (07දා) ආයතන කිහිපයක සිදුකළ විමර්ශනයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ ගෙවීමක පරස්පරතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී ‍ඖෂධ තොග කළමණාකරණ පරිගණක පද්ධතිය සම්බන්ධව විමර්ශනය සිදුකළ අතර ඒ සඳහා එවකට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රත්නායක විසින් ඉදිරිපත් කොට තිබූ ඊට අදාල වියදම් පිළිබඳ කරුණු පාදක වූ බවද සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධ පෞද්ගලික පාර්ශ්වයක් වූ ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් නම් සමාගම විසින් කෝප් විමර්ශනයේ වැරදි සහගත බවක් ඇතැයි මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය 2022 ජූනි 03 වැනිදින කාරක සභාව වෙත ලිපියක් මගින් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයා පැවසුවේ, ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් දක්වා ඇති පරිදි ඔවුන් ඉහත පද්ධතිය වෙනුවෙන් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 223,120,458.73ක් බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොප් කමිටුව වෙත දක්වා ඇති ලිඛිත ස්ථාවරය අනුව ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ආයතනය වෙත රුපියල් මිලියන 458,591,910.6ක් ගෙවා ඇති බවත් ඊ විස් සොලියුෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 66,176,348.98ක් ගෙවා ඇති බවත් සඳහන් බව සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මුළු එකතුව රුපියල් මිලියන 524,768,259.4ක් ගෙවා ඇති බව සඳහන් කොට තිබේ.

කෝප් සභාපති චරිත හේරත් මහතා මෙම වාර්තා දෙකම සභාගත කළ අතර මේ පිළිබඳ වි‍ශේෂ පරික්ෂණයක් පැවැත්වීමට විගණකාධිපතිවරයාට කෝප් කමිටුව නිර්දේශ කළ බවත් එම වාර්තාව මසක් ඇතුළත ලැබෙන බවත් ඉන්පසු මේ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් රට හමුවේ තැබීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements