Advertisement

ලංකාවේ කවුරුත් මට උදවු කලේ නෑ -
100m දකුණු ආසියානු වාර්තාවෙන් පසු යුපුන් අබේකෝන් කියපු කතාව

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ස්විට්සර්ලන්තයේ පැවති තරඟාවලියකදී මීටර සියයක දුරක් තත්පර 9.95කින් නිම කර දකුණු ආසියාවේ වාර්තාවක් තබන ලදී.

එය එය දකුණු ආසියාතික ක්‍රීඩකයෙක් එම ඉසවුවේ වාර්තා කරන ලද හොඳම කාලය වෙයි.

තරගයෙන් අනතුරුව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මේ සඳහා ලංකාවේ කිසිවකු තමන්ට උදව් නොකළ බවයි.

ඒ සමගම පල කරන ලද සටහන මෙසේය.

The wait is over !!!!!! 9.96 sec 🔥🔥🔥❤️❤️❤️

මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි උනා , ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බුනා .

ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member !

බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පලවෙනි Sub 10 එක.

ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම.

මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විස්වාස කරපු අයට මං pay back කලා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්.

ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. 😂

ඒ හින්දා දැන් මීඩියා වලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න. 😉

ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විස්වාස කරපු ඔයලාට.

❤️❤️🙏🏽🙏🏽

Thank you, my team! We did it ❤️

Yupun Abeykoon

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements