Advertisement

ඉන්ධන නිකුතුව ඩොලර්වලට අරඹයි

ඉන්ධන අවශ්‍ය කර්මාන්තකරුවන් සහ ආයතන වලට ඒ සඳහා ගෙවීම් ඩොලර්වලින් සිදු කළ හැකි නම් ඉන්ධන ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

මාස්පතා එසේ ඉන්ධන ලබා දීමට අපහසු වුවත් සතිපතා එසේ ඉන්ධන ලබා දීමට හැති බවත් ඒ මහතා සදහන් කරයි.

කිසියම් ආයතනයකට හෝ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය වන ඉන්ධන තොග සඳහා ඩොලර් වලින් ගෙවිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් දැනටමත් සකසා ඇති බවත් තෙල් සංස්ථාව සමග සම්බන්ධ වී එම පහසුකම ලබාගත හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

එළැඹෙන 10 වැනිදායින් පසු රට තුළ පවතින ඉන්න හිගය පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් එතැන් සිට මෙරටට අඛණ්ඩව සැපයුම ලැබෙනු ඇති බවද පැවසූ ඔහු ලැබෙන ඉන්ධන තොග උපරිම කළමණාකරණයකින් බෙදාහැරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මේ දිනවල ඇති වී තිබෙන අපහසුතාවයන් සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරන බවත් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements