SJB 17ක් සහ ශ‍්‍රීලනිප 11ක් රනිල්ට..?
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Politics
,
Ranil Wickramasinghe
හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ ද මන්ත්‍රීවරුන් බහුතර ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මේ වන විටත් එකඟතාවයට පැමිණ තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර බොහෝ දුරට වික‍්‍රමසිංහ මහතාට සහාය දෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද දැනගන්නට තිබේ.

