Featured News

Video Gossip

Advertisement

චන්න විජේවර්ධන ගේ දියණියගේ මගුලට ගිය රෝහිත රාජපක්ෂට හූ කියා පන්නා දමයි

නර්තනවේදී චන්න විජේවර්ධන ගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකා ගේ මුණුපුරෙකු වන ජනික් අතර විවාහ උත්සවය පසුගිය දිනක කොළඹ ෂ්‍රැංග්‍රීලා හිදී ඉතා මනරම් ආකාරයෙන් පැවැත්විණ.

මෙම උත්සවයට දේශපාලනයට සම්බන්ධ අයට ආරාධනා කර නොතිබීම විශේෂත්වයක් විය. නමුත් මනමාලයා වූ ජනික් සිය පාසල් අවධියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් එකට රගර් ක්‍රීඩාවේ යෙදුනු රෝහිත රාජපක්ෂට (චිචී) උත්සවයට ආරාධනා කර තිබිණ.

ගාමිණී ෆොන්සේකා ගේ මිණිපිරිය වූ යසාරා ගේ ආදරය දිනාගනු පිණිස රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරාදමා පසුව යසාරා ද අතහැර දමා , විවාහක කාන්තාවක් වූ නිතීෂා සමග විවාහ වූ යෝෂිත සහ මේ සියල්ල සැලසුම් කළ සිරිලිය අම්මන්ඩි ශිරන්ති සිටින මිනීමරු පවුලට මෙම විවාහයට ආරාධනා කිරීම ගැන පවුලේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සිය පාසල් මිතුරා වූ චිචීට පමනක් ආරාධනා කිරීමට විවාහ දෙපාර්ශ්වයම එකඟ විය.

විවාහ උත්සවය ඉතා මනරම් අලංකෘත එකක් වූ අතර උත්වසවය ආරම්භ වී පැයක් පමණ ගත වෙද්දි චිචී සිය බිරිඳ තත්යානා, දරු දෙදෙනා සහ සිවිල් ඇඳුමෙන් සැරසුන නාවික හමුදා කාන්තාවන් දෙදෙනෙකු [ තවමත් රාජපක්ෂලාගේ දරුවන්‍ බලාගන්නටත් හමුදා නිලධාරීන් අනුයුක්ත කර ඇත] උත්සව ශාලාවට ඇතුලු වූහ.

වෙන දා සපිරිවර සමග පැමිණ ප්‍රධාන ආසනයේ අසුන් ගන්නා චිචී මෙදා කිසිවෙකුගේ අවධානයට පත් නොවී පසෙක වූ මේසයක ට ගොස් බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග අසුන් ගත්තේය.


සතුටට කරුණ නම් ඔවුන් අසුන් ගන්නවා සමගම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිතයන් 8 දෙනාම රෝහිත සිය මේසයේ එකට වාඩිවීම පවා පිලිකුලෙන් බැහැර කර නැගිට යාමයි.

අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,
"මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය. තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ. තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයො ....ලැජ්ජයි" කියා උස් හඬින් බැන වැදුනාය.

එයින් උත්තේජනය ලද තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා....,
" ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන. අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකමො. තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්" කියා බැන වැදුනේ චිචී සහ තත්යානා අන්දුන්කුන්දුන් කරමිනි.

ඉන් පසු විනාඩියක් වත් උත්සව ශාලාවේ රැඳී නොසිටි නාකි මයිනාගේ පොඩි පුතා මනාල යුවලට සුබ පැතීමටවත් නොසිට එතැනින් වේගයෙන් පිටත් වූ අතර ශාලාවෙන් පිටත ආලින්දයේ රැඳී සිටි තරුණ පිරිසක් එකවර නැගූ මහා හූ හඬකින් රාජපක්ෂ පරපුරේ හිච්චි පුතාට සංග්‍රහයක්ද කිරීමට අමතක නොකළහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements