මහ බැංකු අධිපතිගේ මාධ්‍ය සංදර්ශන පමණයි - රාජ්‍ය බැංකු දූෂනයෙන් පිරිලා
boc
,
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
මහ බැංකු අධිපතිගේ මාධ්‍ය සංදර්ශන පමණයි - රාජ්‍ය බැංකු දූෂනයෙන් පිරිලා
ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් 20% ක් සේවකයන් හා ගණුදෙනුකරුවන් වෙත නිකුත් කිරීමට අතුරු අයවැය යෝජනාව තුලින් සිදුකරනු ලැබු යෝජනාව සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකුව ශාඛාවේ ලේකම් ධනංජය සිරිවර්ධන මහතා කියා සිටියේ පසුගිය වසර දෙකහමාර තුල ලංකා බැංකුව තුල බැංකුවේ සභාපතිවරයා පසුගිය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දූෂිත ක්‍රියා විශාල වශයෙන් සිදුකල බවත් ඒවා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ය.එම දූෂිත ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගතයුතු බවත් ඒ සඳහා වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර ඇති බවත් ඒ මහතා පැවසීය.බැංකු මේ තත්වයට පත්වීම සඳහා වත්මන් මහ බැංකු අධිපතිවරයාද වගකිව යුතු බවත් දූෂන වලට එරෙහිව මහබැංකු අධිපති තුමා වෙත ලිඛිතව පැමිණිලි කලද ඒ පිළිඹඳ මේ වනවිට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඒ මහතා පැවසීය.
ඒ තුලින් ලංකා බැංකුව තුල සිදුවන දුෂන වලට මහබැංකු අධිපති තුමා අනුග්‍රහය දක්වනවාද යන්න සැක සහිත බවත් ඒ පිළිඹඳ කරුණු ඉදිරියේදී එළි දැක්වෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.මහබැංකු අධිපති තුමා මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වමින් සිටින බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.