Featured News

Video Gossip

Advertisement

කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය වෙන්න යනදේ සාගල කියයි

නවීන ලෝකයට ගැළපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක් තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායයන්ගේ එකතුවෙන් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමියේ ඉදිකරනවා යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සඳහන් කළේ ය.

කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරු කර ගැනීම් හා සාකච්ඡා දැක්විය හැකි ස්ථානයක් තරුණ තරුණියන් වෙනුවෙන් සැකසෙනු ඇති බව ත්, චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපනශාලා ද මෙහි ඉදිකෙරෙන බව ත්, රත්නායක මහතා පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂ තරුණ කණ්ඩායමක් පසුගිය දා කොළඹදී හමුවූ අවස්ථාවේදී සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර තිබේ.
මෙම ස්ථානය තරුණ තරුණියන්ට තම දක්ෂතාවලට ආර්ථිකමය වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක් වන අතර, ඊට අදාළ සේවා පහසුකම් රජයෙන් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර ඇත.

පසුගිය කාලයේ අරගලයේ නියුතු තරුණ තරුණියන්ගෙන් බහුතරයක් නව අදහස් ඇති නව නිපැයුම් කළ හැකි පිරිසක් බැවින් ඔවුන්ට තම දක්ෂතා මෙහිදී ඔප්නංවාගත හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සාගල රත්නායක මහතා පවසා තිබේ.

තරුණ කණ්ඩායමක් තම විරෝධය ත්‍රිමාණ තාක්ෂණයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට යොමු කර අලුත් විරෝධතා සංකල්පයක් ගොඩනැගූ බව ත්, එවැනි නවමු අදහස් ඇති තරුණ තරුණියන්ට මෙම ස්ථානය සිය දක්ෂතා ලෝකයට ම පෙන්විය හැකි ස්ථානයක් වනු ඇති බව ත්, ඔහු පවසා ඇත.

ලෝකයේ බොහෝ රටවල මෙවැනි ස්ථාන තිබෙන අතර, ඒවා නැරඹීමට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ඇදී එන බව ත්, පාවෙන වෙළෙද සංකීර්ණ භූමියත් එවැනි ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බව පක්ෂ ජාතික සංවිධායකවරයා සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාවට අදාළ සැලසුම කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙන බවද ඔහු සඳහන් කළේ ය.

මෙම සැලසුම සම්බන්ධයෙන් අරගලයේ නිරත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී ඊට ඔවුන්ගේ කැමැත්ත පළ වූ බව ද සාගල රත්නායක මහතා වැඩිදුරට ත් පවසා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements