Featured News

Video Gossip

Advertisement

"ලංකා බැංකුවේ සභාපතිවරයා දූෂිතයි." 
ලංකා බැංකු සේවක සංගමය IMF නිලධාරීන් වෙත පැමිණිලි කරයි.

ලංකා බැංකුවේ සභාපතිවරයාගේ දූෂිත ක්‍රියා හේතුවෙන් බැංකුව අවධානමට ලක්ව ඇති බවත් එම තත්වය වත්මන් ආර්ථික අර්බුධයට බෙහෙවින් බලපාන බවත් ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.එමෙන්ම සභාපතිවරයාගේ දූෂිත ක්‍රියා හේතුවෙන් අදවන විට බැංකුවේ ගණුදෙණුකරුවන්ද අපහසුතාවයට පත්වී ඇති අතර ඒ තුලින් බැංකුවේ කීර්තිනාමයටද බරපතල හානියක් සිදු වී ඇති බව එම සංගමය පවසයි.IMF එක මගින් රටේ වත්මන් ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව වෙත සහය දැක්වීමට නම් රට තුල දූෂණය තුරන් කල යුතු බවට කොන්දේසියක් පනවා ඇති මොහොතක ලංකාවේ ප්‍රධානම මූල්‍ය ආයතනයේ ප්‍රධානියා දූෂිත අයෙකු වීම කිසිසේත් සිදු නොවිය යුත්තක් බව එම සංගමය තවදුරටත් ප්‍රකාශ කරයි.

මේ පිළිඹඳ IMF එකේ ලංකාවේ නියෝජිත වෙතත් IMF ප්‍රධාන කාර්‍යාලය ඇතුලු ජාත්‍යන්තර බලධාරීන් වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට ලංකා බැංකු සේවක සංගමය අද දින කටයුතු කල බවත් එහි පිටපත් ජනාධිපති ලේකම් තුමා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා වෙත බාරදුන් බවත් එම සංගමය ප්‍රකාශ කරයි.තවදුරටත් රජය විසින් මෙමෙ දූෂිත නිලධාරීන් ආරක්ෂා කරමින් කටයුතු කරන්නේ නම් රටේ සහ ලංකා බැංකුවේ යහපත වෙනුවෙන් ඉදිරියේදී බරපතල වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹෙන බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements