දිනක පාඩුව කෝටි දෙකහමාරක් - පාඩු ලබද්දී ගිය අවුරුදු 10 දුම්රිය සේවකයන්ට බිලියන 18ක OT ගෙවලා
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
පාඩු ලබද්දී ගිය අවුරුදු 10 දුම්රිය සේවකයන්ට බිලියන 18ක OT ගෙවලා
දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයන් සඳහා 2012 – 2021 දස වසරක කාලය තුළ දිරි දීමනා හා අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 1,828ක මුදලක් ගෙවා ඇත.
වැඩි ම අතිකාල දීමනා මුදල ලෙස රුපියල් කෝටි 292ක් ගෙවා තිබෙන්නේ පසුගිය 2020 වර්ෂයේදී ය.
අනෙක් වසරවලට සාපේක්ෂව එය විශාල ප්‍රතිශතයකි. එසේ ම, දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් කෝටි දෙකහමාරක පාඩුවක් ලබන අවස්ථාවක මෙලෙස අධික මුදලක් දිරි දීමනා ලෙස වැය කර තිබීම ගැටලුවක් වී තිබේ.
‘මව්බිම’ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයැදුම් කොට ලබාගත් තොරතුරු මගින් මේ කරුණු අනාවරණය විය.
එසේ ම, 2012 වර්ෂයේ රුපියල් කෝටි 116ක් ද, 2013 වර්ෂයේ රුපියල් කෝටි 122ක් ද, 2014 වර්ෂයේ රුපියල් කෝටි 127ක් ද, 2015 වර්ෂයේ රුපියල් කෝටි 135ක් ද, 2016 වර්ෂයේ රුපියල් කෝටි 137ක් ද, 2017 වර්ෂයේ රුපියල් කෝටි 185ක් ද, 2018 වර්ෂයේ රුපියල් කෝටි 220ක් ද, 2019 වර්ෂයේ රුපියල් කෝටි 258ක් ද, 2020 වර්ෂයේ රුපියල් කෝටි 292ක් හා 2021 වර්ෂයේ රුපියල් කෝටි 233ක මුදලක් ද මෙසේ දීමනා ලෙස ගෙවා ඇත.
ඒ අනුව, පසුගිය වසරේ දිනකට ලක්ෂ හැටහතරකට අධික මුදලක් වැය කර ඇති පසුබිමක දෛනික ඉන්ධන වියදම හේතුවෙන් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි දෙකහමාරක පාඩුවක් ලබා ඇත.
දුම්රිය ගාස්තු සංශෝධනයක් නොකළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාඩුව රුපියල් කෝටි 2,000ක් පමණ විය හැකි බවට අනාවැකි පළ කරන ලද දුම්රිය පාලනාධිකාරිය අතිකාල දීමනා අඩු කිරීමට කටයුතු කර නොතිබුණු බව ද මෙහිදී අනාවරණය කර ගැනීමට හැකි විය.

