Advertisement

තිළිණි ප්‍රියමාලිට කෝටි 75ක් විසි කළ ‍දොස්තරත් පොලිසි යයි

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මුල්‍ය ආයතනයක් පවත්වා යමින් රුපියල් කෝටි 251ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගත් බවට චෝදනා එල්ල කළ රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව රුපියල් ලක්ෂ 7,500ක් වංචා සහගත ලෙස ලබාගත් බව කියමින් විශේෂඥ වෛද්‍යවරයෙකු ඊයේ (ඔක්. 13) රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කළේ ය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ සුප්‍රසිද්ධ නීතිඥවරයෙකු ද සමග ය.

මේ අතර, තවත් කෝටිපති කාන්තාවක ද රුපියල් කෝටි හතරහමාරක් වංචා සහගත ලෙස ලබාගත් බව කියමින් ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා ය.

රුපියල් ලක්ෂ 7,500ක් සැකකාරියට ලබා දුන් බව කියන වෛද්‍යවරයා දින කිහිපයක සිට ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පැමිණෙන බව පවසා තිබූ අතර එම විමර්ශන නිලධාරීන් ද ඔහුගේ පැමිණිල්ල භාර ගැනීමට සූදානම්ව සිටියේ ය.
එහෙත් පෙරේදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිඛිතව පැමිණිලි කර සිටි අතර ඊයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිය පැමිණිල්ල වාචිකව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, තිළිණි ප්‍රියමාලි මුදල් වංචා කළ බව කියමින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 10ක් බව කියයි.

මේ අතර, මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන්ගෙන් ද රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීම ඊයේ (ඔක්. 13) ඇරඹීය.

තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥයන් බව කියන දෙදෙනෙකුගෙන් ද රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ.

එමෙන් ම තිකෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් 35 දෙනෙකුගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම මත මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements