FM-TVචැනලයක් දමන්න හදලා
ඇය නැතිවුනත් අපේ ගමන අපි යනවා මාධ්‍ය සහායකය සුරංගි
‘ත‍්‍රිකෝ ගෲප්’ ආයතනයේ වැඩ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදු කරගෙන යමින් සිටින බව එම ආයතනයේ මාධ්‍ය ප්‍රධානීන් කියා සිටිති.
සුරංගි කොඩිතුවක්කු හා ඇයගේ මාධ්‍ය සහායකයා පවසන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි තම ආයතනය වසා දමා නැති බවත් සුපුරුදු රාජකාරි කටයුතු සිදු කරමින් ඇති බවත්ය.
ආයතනයේ සභාපතිනිය රක්ෂිත බන්ධනාගාර ගත වූ ද එය නීතිමය කටයුත්තක් බවත් එය අවසන් වූ වහාම ඇය විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන් කියා සිටිති.
සභාපතිනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දිනයේදීද දැනුම් දුන්නේ ආයතනයේ රාජකාරි එලෙසම පවත්වාගෙන යන ලෙස බවද පැවසූ ඔවුන් ඒ අනුව සුපුරුදු රාජකාරි තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදු කරමින් සිටින බවද කියා සිටියහ.
තමනට විරුද්ධව සමාජ ජාලාවල අපහාසාත්මක පුවත් පල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.
නමුත් සමාජ ජාලා සහ විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන පරිදි තිලිණි ප‍්‍රියමාලි ඇතුලු කණ්ඩායම ඉදිරියේදී තමන්ට පැමිණිය හැකි චෝදනාවලින් ගැලවීම සදහාත් තමන්ගේ අදහස රටට කීම සදහාත් මෙවැනි මාධ්‍ය ආයතනයක් කල්තියාම නිර්මමාණය කරගත් බවත් ඔවුන් ඒ් සදහා සංඛ්‍යාත මිලදී ගැනීම සදහාද කටයතු සලස තිබූ බවයි. ඒසේ වූවා නම් ලංකාවම ආවරණය වන පරිදි FM-TV චැනල ආරම්භ කිරීමට තටයුතු සලසා තබී ඇති බවද ඒම ආරංචිමාර්ගවල වැඩිදුරටත් සදහන්

