Advertisement

ගෝඨාගේ වැඩ ගැන විශේෂ විගණනයක්

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

එම විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විගණන නිලධාරීහු කණ්ඩායමක්ද පත් කරනු ලැබ සිටිති.

අදාළ විගණනයට අවශ්‍ය කෙරෙන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහ භාණ්ඩාගාරයෙන්ද ලබා ගන්නා බව විගණකාධිපතිවරයා සඳහන් කළේ‍ය.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යෑම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙම විගණනයේදි තොරතුරු සොයා බැලෙනු ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ඉකුත් 7 වැනිදා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයාටද නියෝග කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements