Advertisement

තිලිණියි ජානකීයි බන්ධනාගාරයේ ඇන කොටාගනියි

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා ඇය මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි.

තිළිණි ප්‍රියමාලි රඳවා සිටින්නේ වැලිකඩ කාන්තා අංශයේය.
දෙදෙනාම එකම බන්ධනාගාරයක රඳවා තැබීමෙන් බන්ධනාගාරය තුළදී දෙදෙනා අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් මතු වීමට ඉඩ ඇතැයි සැක කරමින් මෙසේ ජානකී සිරිවර්ධනව මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ගිය බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 05 වැනිදාය.

ඇයව අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් ලියාදිංචි කිරීමේ කටයුතු අවසන් වූ වහාම මීගමුවට රැගෙන ගිය බවද එම නිලධාරියා කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements