Featured News

Video Gossip

Advertisement

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය - තවමත් අබිරහසක්
පොලිසිය  කියන කතාව මෙන්න

දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය තවමත් අබිරහසක් බවත් මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල සහ සමාජ ජාලා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරුත් නිවැරදි තොරතුරු ලැබී නැති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඇතැම් මාධ්‍ය වගකීම් රහිතව පළකරන ප්‍රවෘත්ති නිසා විමර්ශන කටයුතුවලට ද විශාල බාධාවක්වී ඇති අතර සමාජය තුළ වැරදි මතයක් ගොඩනැඟෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මාධ්‍යවල පළවූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ එසේ කළ බවට කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බවයි.

ඇතැම් මාධ්‍ය මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කරන බවත් එය ඉතාම භයානක තත්ත්වයක් බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ශාෆ්ටර් මහතා සිය මවට ලියූ ලිපියක් හමුවූ බවට පළවූ ප්‍රවෘත්තිය ද අසත්‍ය බවත් ඒ මහතාගේ ගෙල සිරකර තිබූ වයරයට සමාන වයරයක කොටසක් නිවසින් හමුවූ බවට පළවූ වාර්තා ද සත්‍යයෙන් තොර බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 28 වැනිදා  වනවිට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන ඒවාද යන්න පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය දැඩි අවධානය යොමුකර ඇත.

මේ අතර ජනශක්ති ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ ඊයේ පුරා පැය දෙකක පමණ කාලයක් විශේෂ හමුවක් පැවැත්වූහ.

මෙම හමුව සඳහා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවී තිබේ.

මෙම මිනීමැරුම පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට අසීරුවීම මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා රහස් පොලිස් කණ්ඩායමට උපදෙස් රැසක් ලබා දී ඇත.

මේ හැර දිනේෂ් ශාෆ්ටර් මහතා සිය වාහනය පදවාගෙන ගිය අයුරු දැක්වෙන ආරක්‍ෂක කැමරා පද්ධතිය වඩාත් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

මෙම අභිරහස් මිනීමැරුවේ සුලමුල අනාවරණය කරගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇත.

මේ හැර උපායදූතයන් රැසක්ම යොදාගෙන ඇත. මිනීමැරුම සිදුකළ ඝාතනයන්ට නීතියේ රැහැනින් මිදීයෑමට කිසිසේත් ඉඩ නොලැබෙන බව පොලිසිය කියයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන
– දිවයින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements