Advertisement

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමගේ හදිසියේ රෝහල්ගත කරයි - 
මම කවදා ආයිත් සාමාන්‍ය තත්වයට පත්වෙයිද කියලා හිතාගන්න බෑ 
- ඕෂධී  කියයි 

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු නිළි ඕෂධී හේවාමද්දුමගේ පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් සිටි බව ගොසිප්99 අපිට දැනගන්න ලැබුණා. ඇය මේ බව සඳහන් කරමින් දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තුළ සටහනක් ද පළ කර තිබුණා. 
. ඉතිං පසුගියදා ඒ් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබුණා. 

එහිදී ඇය සඳහන් කළේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය අයට වැළඳුන බවයි. ඉතින් ඇය ඇගේ මුහුණු පොතේ සටහනක් යොදමින් මෙම රෝගයේ බරපතලකම හා ප්‍රවේශම් විය යුතු ආකාරය ගැන සියලු දෙනාම දැනුවත් කර තිබුණා. ඇය මුහුණු පොතේ දැමූ සටහන පහතින්.
"හැමෝටම දැනගන්න මගේ අත්දැකීම බෙදාගන්න හිතුවා. දෙසැම්බර් 20 උදේ ඉදන් උගුර රිදෙන්න අරන්, ඇග රිදෙන්න ගත්තම ඒ තරම් ගණන් ගත්තෙ නැත්තෙ, මේකත් සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් වගේ කියලා හිතුණ නිසයි. 

අවුරුද්දෙ වැඩ අධිකම කාලයක් නිසා, පැනඩෝල් බිබී වැඩ ටික කරගෙන ගියාට එක දවසකට වඩා ඉන්න බැරි වෙනවා. හරියටම දෙසැම්බර් 21 හවස් වෙනකොට පුදුම විදියට අමාරු වෙනවා.

තද උණ, වමනය, හිසේ කැක්කුම, තද ඇගපත වේදනාව ඉවසන්න බැරි තරම්. කිසිම ලෙඩක් ගණන් ගන්නෙ නැති මම ම.. අමාරු වැඩිකමට ප්‍රදීප්ට කියනවා මාව හොස්පිට්ල් ගෙනියන්න කියලා. 

අද වෙනකොට ගෙදර ඇවිල්ලත් ඇගේ පතේ වේදනාව තාම අඩු නෑ. කොන්ද රිදෙනවා, කෑම රුචියක් නෑ, අඩි 5 ක් අවිදගන්න බෑ, ඇග වෙව්ලනවා, සෙමත් එක්ක කැස්ස.

මේ ටික ලියන්න හිතුවෙ, අවුරුදු 3 ක් තිස්සෙ ලෝකෙම හොල්ලපු කොවිඩ් වලින් පරිස්සම් වෙලා හිටියා.. හැබැයි මේ වෛරස් උණෙන් බේරෙන්න බැරි වුණා.. 

කොවිඩ් වලට තිබුණු බය නිසාම අපි හුගක් පරිස්සම් වුණා. හැබැයි වෛරස් උණ කිව්වම කවුරුත් ගණන් ගන්නෙ නෑ. මේක හැදුණ දවසට දැනේවි කොයිතරම් අමාරුයිද කියන එක.

ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න හැමෝම. අනිවාර්යෙන්ම mask එක පාවිච්චි කරන්න. ඇගට අමාරුවක් දැනුණ ගමන් ගිහින් බෙහෙත් ගන්න, ගණන් නොගෙන ඉන්න එපා. 

මම කවදා ආයිත් සාමාන්‍ය තත්වයට පත්වෙයිද කියලා හිතාගන්න බෑ. හතුරෙකුටවත් මේ උණ නම් හැදෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements