Advertisement

විහාරාධිපති හිමිනමක් දැරියක් දුෂණය කරයි - අත්තම්මාත් සහය දීලා

පහළොස් හැවිරිදි දැරියකට බරපතළ අපයෝජනයක් කළ විහාරාධිපති හිමිනමක් සහ හිමිනමගේ සහෝදරයකු සහ ඊට අනුබල දුන් දැරියගේ අත්තම්මා සහ නැන්දා දොඹගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය කොළඹට ආසන්න ප්‍රදේශයක ඥාතියකුගේ නිවෙසේ සිට පාසල් යන අතර ඉකුත් නොවැම්බර් මාසයේ පාසල් නිවාඩුවට තම නිවෙසට පැමිණ ඇත. යාබද නිවසේ පදිංචි ආත්තම්මා සහ නැන්දා ඇයව ලියන්ගොල්ල ඥාණ ගවේෂණ විහාරස්ථානයට කැඳවාගෙන ගිය අවස්ථාවේදී විහාරස්ථානය තුළදී විහාරාධිපති හිමියන් ඇයට බරපතළ අතවරයක් සිදුකර ඇති බවත්, පසුව විහාරාධිපති හිමියන්ගේ සහෝදරයකුද අත්තම්මාගේ නිවෙසේදී දැරියට බරපතළ ලිංගික අතවරයක් සිදුකර ඇති බවත් සඳහන්ය.අත්තම්මා විසින් දැරිය, විහාරාධිපති හිමියන්ගේ සහෝදරයකුට අතවර කිරීම සඳහා ඉඩ සලසාදී ඇති බවට ගමේ ප්‍රචාරයක් යෑමෙන් පසු දැරියගේ දෙමව්පියන් ඒ පිළිබඳ දැරිය පාසල් යෑම සඳහා පදිංචිව සිටින නිවෙසේ ඥාතිවරියට දැනුම්දී ඇත. ඥාතිවරිය විසින් දැරියව වෛද්‍යවරයකුට පෙන්වීමෙන් පසු සිද්ධිය පිළිබඳ අනාවරණයවී ඇත. පසුව දැරියගේ මව විසින් දොඹගහවෙල පොලිසියට පැමිණිලි කර තිබේ.

පරීක්ෂණ පැවැත්වූ පොලිසිය හිමිනමත්, හිමිනමගේ සහෝදරයාත්, ස්ත්‍රී දූෂණයට අනුබල දුන් දැරියගේ අත්තම්මා සහ නැන්දාත් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත්කර ඇත. දොඹගහවෙල වැඩබලන පොලිස් ස්ථානාධිපති උ.පො.ප. සිල්වා මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements