Featured News

Video Gossip

Advertisement

මම බන්ධනාගාරය ඇතුළේදී ඉතා ම විවේකී සුවෙන් හිටියා 
ඇප ලැබුණු තිලිණි ප්‍රියමාලි කියයි

“මම බන්ධනාගාරය ඇතුළේ විවේකී සුවෙන් හොඳින් හිටියා. සිද්ධ වුණ දේවල්වලින් මගේ අනාගතයට හානි වුණා කියලා මම හිතන්නේ නැහැ,”යැයි තිලිණි ප්‍රියමාලි පැවසුවා ය.

ඇය මෙසේ පැවසුවේ, ඊයේ (දෙසැ. 27) ඇප ලැබීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

වැඩිදුරටත් අදහස් පළ කළ ඇය මෙසේ ද පැවසුවා ය.

“මම හොඳින් ඉන්නවා. මම බන්ධනාගාරය ඇතුළේදී ඉතා ම විවේකී සුවෙන් හිටියා. මම රෝගී තත්ත්වයෙන් ඉන්නවා කියලා වාර්තා වෙලා තිබුණේ කොහොම ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒක එළියට වාර්තා වෙච්ච තරම් බරපතළ කාරණාවක් නොවෙයි. බන්ධනාගාරය තුළදී මාව පරීක්ෂා කරන වෙලාවේ සිදු වූ දේ මාධ්‍යයේ ගිය තරම් බරපතළ කාරණාවක් නොවෙයි.

ඒවා කතා කරලා විසඳගන්න පුළුවන් තරමේ කාරණා. මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ ඇයි කියලා මම දන්නේ නැහැ. මාස දෙකහමාරක් පුරාවට මාධ්‍යයෙන් මේවා වාර්තා කළා. මම කරපු, නොකරපු සියලු දේවල් මාධ්‍ය මgiන් වාර්තා කරලා තිබුණා. මට ලොකු අසාධාරණයක් සිදුවුණා. ගනුදෙනු කළ අය මම එක්ක තරහ වෙලා නම් එයාලා කවදාවත් මා හොඳයි කියන්නේ නෑ නේ. මගේ අනාගතයට කිසිදු හානියක් සිදුවුණා කියලා මම සිතන්නේ නැහැ. හුඟක් අත්දැකීම් ලැබුණා.

බුද්ධිමත් කෙනෙක් බන්ධනාගාරයට ගියොත් මේක විශ්වවිද්‍යාලයක් වෙනවා. අධිකරණයේ තීන්දු තීරණ අනුව සියලු දේවල් සිද්ධ වේවි,” යනුවෙන් පැවසුවා ය.

ඇය පිළිගැනීම සඳහා ඇයගේ හිතවතුන් පිරිසක් ද බොරැල්ලේ පිහිටි බන්ධනාගාරය අසලට පැමිණ සිටියහ.
චතුර දේශාන් ලියනගේ – කොළඹ
මවුබිම

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements