Advertisement

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා 
ඇප ලැබී දවස් 5යි

ඇප ලැබී දවස් 5ක් ඇතුලත ‘කංජිපානි ඉම්රාන්’ හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් තමිල් නාඩු ප්‍රාන්තයේ රාමේස්වරම් වෙත පැන ගොස් ඇතැයි ‘ද හින්දු’ වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දුන්නේ, ඔහු දෙසැම්බර් 25 වන දා මුහුදු මාර්ගයෙන් රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ වෙත ගොස් ඇති බව ත් තමිල් නාඩු බුද්ධි සේවා ඔහු ඇතුළු ඔහුගේ සගයින් සෙවීම සඳහා ප්‍රාන්ත පොලිසිය වෙත අවධානයෙන් පසුවන ලෙස අනතුරු අඟවා ඇති බව ත් ය.පුද්ගලයන් ඝාතනය කිරීම හා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ද පාතාල නායකයෙකු වූ ද කංජිපානි ඉම්රාන් දෙසැ. 20 වන දා ඇප මත මුදාහැර තිබිණි.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට විමර්න කටයුත්තකදී දුරකතනයෙන් මරණීය තර්ජන කළේ යැයි කියන සිද්ධියකට අදාළව ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු නඩුවකින් ද සැකකරු එලෙස රුපියල් ලක්ෂ 50 ශරීර ඇපයක් මත මුදා හැර තිබුණු අතර ඒ අනුව, සැකකරු සියලු නඩුවලින් ඇප මත මුදා හැර තිබිණි.

මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 වසරේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කරන ලදී.

පසුව ඇප මත මුදාහරින තෙක් ඔහු රක්ෂිත බන්ධානාගාරගතව සිටියේ ය.

‘ද හින්දු’ වාර්තා කළේ, ඇප මත මුදා හැරීමෙන් පසු ඔහු ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් සහ විශ්වාසදායක ආරංචි මාර්ගවලින් තමිල් නාඩු බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බව ය.

ඔහු ඇප ලබා අධිකරණයෙන් පිටව ගොස් තලෙයිමන්නාරමට ගොස් ඇති අතර එහිදී ඔහුගේ සගයන් ඔහුට ඉන්දියාවට පැන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිට ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන යාම පිළිබඳව ශ්‍රී ලංකාව විධිමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති වුව ද, බුද්ධි අංශ ඔහුගේ උත්සහය පිළිබඳව විශ්වසනීය තොරතුරු ලබාගෙන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණු බව ‘ද හින්දු’ පෙන්වා දී තිබේ.

එම වාර්තා වැඩිදුරට ත් සඳහන් කරන්නේ, අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචිහි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ජාතික විමර්ශන ඒජන්සිය හෙළිදරව් කරන පසුබිමක ඔහු තමිල් නාඩුවට ඇතුළු වීම අවධානයට ලක් වන බව ය.

Mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements