Featured News

Video Gossip

Advertisement

නව වස‌‌රේ ඇමති ධූර වල වෙනසක්

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහ පළාත් හයක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනවාරි මාසය අවසානයට පෙර සිදු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මූලික එකඟත්වය ඇතිව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු කිරීමට නියමිත බව සඳහන් වේ. එහිදී නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කිරීමට මේ වනවිට යෝජනා වී ඇති අතර පොදු ජන පෙරමුණ යෝජනා කරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට වැඩි අමාත්‍ය ධුර සංඛ්‍යාවක් පිරිනැමීමට තීරණය වී ඇත. මීට අමතර ව වජිර අබේවර්ධන මහතාටත් තවත් සමගි ජනබලවේග මන්ත්‍රිවරයකුටත් අමාත්‍ය ධුර ලබා දීමට මේ වනවිට එතකඟත්වය පළ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මීට අමතරව මූලික පියවර යටතේ ආණ්ඩුකාරවරුන් හය දෙනකු පත් කිරීමට තීරණය වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම බස්නාහිර සබරගමුව පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමට අවසථාව ලබා දී ඇති බවත් පොදුජන පෙරමුණට දකුණ,සබරගමුව වයඹ සහ නැගෙනහිරට ආණ්ඩුකාර ධුර ලබා දීමටත් පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකඟත්වය පළ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩා,මහාමාර්ග,

ප්‍රවාහන,වනජීවී,සෞඛ්‍ය ,වරාය,කර්මාන්ත,විදුලිබල,පරිසර යන අමාත්‍යාංශ වෙනස්වීමට ඇති අමාත්‍යාංශය බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements