Featured News

Video Gossip

Advertisement

වගීෂා ආදර්ශා කරදනගේ අපේක්ෂිත ඇප ප‍්‍රතික්‍ෂෙප වෙයි - හේතුව මෙන්න

මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කරඳන ගමරාලලාගේ වගීෂා ආදර්ශා, අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (ජන. 10) ප්‍රතික්ෂේප කළේ ය.

එම අවස්ථාවේදී ඉල්ලුම් කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බව පෙනී යන බැවින් ඇය විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.
ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස විසි දෙවන දින, නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අපහාස කළේ යැයි මහාචාර්ය අංශු මාරසිංහ විසින් ආදර්ශා කරඳන යන අයට එරෙහිව නොවැම්බර් මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබීම හේතුවෙන් තමාව අත්අඩංගුවට ගැනීමට එම දෙපාර්තමේන්තුව සූදානම් වන බවට ඉල්ලුම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, තම සේවාදායිකාව අත්අඩංගුවට පත්වුවවොත් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියේ ය.

මෙම අවස්ථාවේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඇය ඇප මත මුදාහරිනු ලැබුවොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් බැවින් ඇයගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට ආශු මාරසිංහ යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනයෙන් ඉල්ලා සිටියේ ය.

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකාරිය විමර්ශන කටයුතුවලට සහය දීමක් ලබා නොදෙන හෙයින් ඇයට ඇප ලබාදීම මගින් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, සැකකාරිය ඇප මත මුදා නොහරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අපේක්ෂිත ඇප ඉල්ලීම අනුව ඇප ලබා දීම සුදුසු නොවන බවට පෙනී යන බැවින් මෙම අවස්ථාවේදී අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට ප්‍රකාශ කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements