Featured News

Video Gossip

Advertisement

තමා දියසෙන් කුමාරයා කියූ වික්‍රමාරච්චි වෙද මහතාගේ රෙදි ගැලවුනැයි කියන වීඩියෝවක් සමාඡ ඡාලා හොල්ලයි

හෝමාගම වික්‍රමආරච්චි වෙද මහතා නොහොත් සමාජ මාධ්‍ය තුළ දියසෙන් කුමාරය ගැන කතා කරන  පසුගිය කාලය පුරා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි හා කතරගම දේව පූජා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයා කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ කිසියම් නිවසකදී ‘දේව පූජාවක්‘ කරන්නට ගිය අවස්ථාවක ඇතිවූ ගැටලුකාරී දේ සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.

මෙම වීඩියෝවේදී වෙදමහතා යයි කියන පුද්ගලයා කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නට දැරූ උත්සාහයක් ගැන එකී කාන්තාව ඔහුට බැණවදින අතර පිරිසට මැදිවූ වෙද මහතා එම චෝදනාවට පිලිතුරු නොසපයා අසරණව සිටින්නේ පිරිස ඔහුට ඇන්දවූ චීත්තයෙනි.එමෙන්ම පූජාව අතරතුර වෙදමහතා කතරගම දේව ආවේශයෙන් සිය සිරුරට වේවැලකින් තදින් පහර දෙමින් සිටියේ පිරිස රවටමින් බවට වීඩියොවෙන් හෙලි කරන්නේ වෙදමහතාගේ සිරුරේ අත්පා පුරා ගැට ගසා තිබෙන ආරක්ෂිත පෑඩ් කැමරාවට නිරාවරණය කරමිනි.

දේව පූජාව කරන ස්ථානයේ පිරිස සැඟවූ ඌරු මස් කොටසක්ද එළියට ගන්නා අතර ඔවුන් වෙදමහතාගෙන් විමසන්නේ ‘කිලි‘ යයි සම්මත දේවල් කතරගම දෙවියන්ට නොපෙනුනාද යනුවෙනි. මෙම ප්‍රශ්න කිරීම් හමුවෙහි වෙදමහතා විවිධ පිලිතුරු දෙන ආකාරය හා ඇතැම්වාට නිරුත්තර වන අයුරු වීඩියෝවෙහි දැක්වේ.

මෙම වෙදමහතා ‘දියසෙන්‘ ලෙසින් එලියට පැමිණ දේශපාලනයට එන්නට හදන කතාවක්ද වීඩියෝවේ ප්‍රචාරය වේ.

මෙම වීඩියෝවේ එන බරපතල චෝදනාවන්ට තවම වෙද මහතා පිළිතුරු සපයා නැති නමුත් ඔහු ‘තමන් පැහැරගත්තේ යයි පොලිසියට කියා ඇති බවත් පරීක්ෂණ වලට බාධාවක් වන නිසා ඒ ගැන කිසිදු ප්‍රකාශයක් නොකරන බවත්‘ යූටියුබ් නාලිකාවකට පවසා ඇත.

ගතවූ වසර කිහිපය තුළ කොරෝනාවට බෙහෙතක් ලබාදෙන බව පවසමින් වික්‍රමාරච්චි වෙදමහතා ප්‍රසිද්ධ විය. එසේම රටේ පවතින දේශපාලන වෙනස්කම් ගැනද ඔහු වරින්වර අදහස් දැක්වීය.

 කතරගම දෙවියන්ගේ නාමය මුල් කරගෙන විවිධ දේ සමාජ ගතකරන්නටද ඔහු කටයුතු කර තිබෙයි.
විවාදයට ලක්වූ වීඩියෝව පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements