Advertisement

ගංජා තොගයක් සමග පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

මොණරාගල කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ විසින් සිදුකරන ලද මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා කිලෝ පහළොවක් සහ නිධන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමගයි.ඔහු සතුව වියළි ගංජා පැළ 550ක් තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසීය.මෙම අත්අඩංගුවට ගැනීම් කර තිබුණේ ඊයේ රාත්‍රියේ ඔහුගේ නිල නිවසේ දී ය.

සැකකරු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියට භාරදී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements